සුවබර මනසකට මොහොතක්

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්බුදය අප බොහෝ දෙනෙක් ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපා ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මානසික පීඩනයට ලක් වීම අතිශයින් සාමාන්‍ය වන අතර, ඒ තුළ වඩා සුවකර, සමබර මානසික සෞඛ්‍ය තත්ත්වයක් වෙත ළඟා වීම ද අසීරු කාර්යයක් නොවේ🏵🌷

ජුලි මස 28 වන දින ප. ව. 7- 8 වන තුරු කල්‍යාණ හි අප මානසික පීඩනයෙන් පසුවන ඔබ වෙත සුවය ළඟා කර ගත හැක්කේ කෙසේද යන්න විමසීම සඳහා Instagram හා Facebook ඔස්සේ පැවැත්වෙන LIVE වැඩසටහනක් සුදානම් කර ඇත. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාශීලී කලාකාරිනියක වන යසෝදරා පතාංජලී විසින් මෙය මෙහෙය වනු ලබන අතර, ඇය සමග මෙම කතාබහට එක් වන්නේ කලමනාකරණය සම්බන්ධ අංශයන්හි නිරත මනෝවිද්‍යාඥ ඉරන්ජලී අබේරත්න යි 💫🌟🌟

ඉරන්ජලී අබේරත්න (MSc Psychology) පාසැල් හා ආයතන තුළ මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා කටයුතු කරන මනෝවිද්‍යාඥවරියක වන අතර, බ්‍රිතාන්‍ය- ශ්‍රී ලාංකික යසෝදරා සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී චිත්‍ර ශිල්පිනියක මෙන්ම ජීවන මාර්ගෝපදේශක වරියක වන අතර යහපත් මානසික සෞඛ්‍යය, සමානාත්මතාවය හා අධ්‍යාපනය යන අංශයන් පිළිබඳ ව අවබෝධයක් ඇති කිරීමට කටයුතු කරන්නිය කි 💜✨✨

මෙම වැඩසටහනට සහභාගි වීමට අපගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසෙන්න⬇️
Instagram: @kalyanaslorg (https://www.instagram.com/kalyanaslorg/)
Facebook: Kalyana (https://www.facebook.com/kalyanaslorg)

මෙම වැඩසටහන පටිගත කරන බැවින් ඔබට පසුවද අපගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නැරඹීමට හැක

July 28 @ 19:00
19:00 — 20:00 (1h)